FB වලට Play Store ඇප් එක add කරගන්න විදිහ (Updated)

Appmaker
3 min readFeb 20, 2020

ඔබ ඔබේ Appmaker App එක නිර්මාණය කර Approve කරගෙන ඇත. දැන් App marketing campaign එකක් කිරීමට සූදානම්. හැබැයි FB campaign එක හදන්න යන විට FB එකෙන් search කරද්දී ඔබේ ඇප් එක සොයගන්න බැහැ. ඔබ මෙම ගැටලුවට මුහුණ දෙන්නේ නම්, කියවන්න.

  1. පලමු පියවර ඇප් Developer Account එකක් සදා ගැනිමයි. මෙම ලින්ක් එක click කරල register වෙන්න: https://developers.facebook.com/

2. Register වු පසු Facebook Developer Dashboard එකට පිවිසෙන්න. Create App බොත්තම click කරන්න.

3. ඊළඟ පියවරේදී App Type තෝරා ගැනීමට ඔබෙන් අසනු ඇත. “Consumer” විකල්පය තෝරන්න.

4. දැන් ඔබේ ඇප් එකේ නම “Display Name” එකේ දමන්න. ඔබේ E-mail එක “App Contact Email” එකේ දමන්න. ඊට පසු “Create App” බොත්තම ඔබන්න

5. Settings click කරන්න.

6. Basic click කරන්න.

7. ඔබේ Privacy Policy URL එක “Privacy Policy” යන තැන දාන්න.

8. මෙය කරාට පසු page එක අන්තිමට scroll down කරන්න. එහෙම කරපුහම ඔබට “Add Platform” කියල option එකක් හමු වෙයි. මෙය click කරන්න.

9. Android තෝරාගන්න.

10. Google Play තෝරාගන්න.

11. ඔබේ ඇප් එකේ Package Name එක “Google Package Name” එකේ දමන්න. ඊට පසු “Save Changes” ඔබන්න. දැන් ඔබේ ඇප් එක FB ADS වලට භාවිතා කල හැක!

Note:

  • Google Package name සොයාගන්න. පලමුව ඔබේ ඇප් එකේ Play Store Page එකට යන්න.
  • එම page එකේ URL එක බලන්න.
  • ඔබේ Package Name එක io.ionic.xxx ලෙස URL එකේ ඇත. මෙය copy කරගන්න.

--

--

Appmaker

Appmaker is a code less App creation platform. We offer a range of powerful app templates that you can easily customise to bring your app idea to life.