Appmaker Update — Marketing guidelines

Appmaker
2 min readJun 8, 2020

APPMAKER marketing වලට අදාල guidelines මොනවද කියලා ගොඩක් දෙනෙක් අහලා තිබුනා. ඒ නිසා එවා ගැන සාරාංශයක් පහතින් දාලා තියෙනවා

  • ප්‍රචාරන කටයුතු (Marketing) සදහා ideamart logo එක භාවිතා කිරීම හෝ APPMAKER logo එක භාවිතා කිරීම හෝ දුරකතන ජාල වල logo භාවිතා කිරීම සපුරා තහනම්.
  • ප්‍රසිද්ද පුද්ගලයන්ගේ චායාරුප, ඔවුන්ගේ නම් අදාල පුද්ගලයන්ගේ අවසරයකින් තොරව යොදා ගැනීම සපුරා තහනම් වේ
  • ප්‍රචාරන කටයුතු සදහා රාජය ආයතන වල පෞද්ගලික ආයතන වල , රාජය නොවන ආයතන වල, ලාභ නොලබන ආයතන වල ලාංඡන භාවිතා කිරීම සපුරා තහනම් (ලාංඡනයේ අයිතිය එම අදාල සේවා සපයන්නාට අයිති නම් පමණක් භාවිතා කිරීමට හැක )
  • ප්‍රචාරන කටයුතු සදහා රාජ්‍ය ආයතන වල, පෞද්ගලික ආයතන වල රාජ්‍ය නොවන ආයතන වල, ලාභ නොලබන ආයතන වල තොරතුරු එම ආයතන වල අවසරයකින් තොරව යොදා ගැනීම සපුරා තහනම්.
  • ඇප් වල ප්‍රචාරන කටයුතු සදහා අසභ්‍ය දර්ශන / තොරතුරු, දේශපාලන, ජාතිවාදි ආගම්වාදී තොරතුරු යොදාගැනීම සපුරා තහනම්.
  • SMS මගින් app ප්‍රචාරන කටයුතු කිරීම සපුරා තහනම් වේ.
  • සාවදය තොරතුරු ads වලට ඇතුලත් කිරීම සම්පූර්ණයෙන් තහනම් වන අතර එසේ සිදු කරන ලද Apps අත්හිටුවීමට (Suspend) කටයුතු කරනු ලැබේ.
  • APPMAKER apps වල ප්‍රචාරන කටයුතු සදහා භාවිතා කරන marketing materials වල පාරිභෝගිකයාගෙන් අයකරන ගාස්තුව සදහන් කිරීම අත්‍යාවශ්‍ය නොවේ. එසේ නමුත් ගාස්තුව සදහන් කරන්නේ නම්, ( මාසිකව / දිනකට අදාල ගාස්තුව + බදු ) ලෙස සදහන් කල යුතු වේ.
  • විශේෂ — APPMAKER නොවන අනෙකුත් සියලුම ඇප්ස් වල ප්‍රචාරන කටයුතු සදහා භාවිතා කරන Marketing Material වල පාරිභෝගිකයාගෙන් අයකරන ගාස්තුව සදහන් කිරීම අනිවාර්ය වේ.
  • සියලුම ප්‍රචාරන කටයුතු කිරිම පෙර, එම ප්‍රචාරන කටයුතු සදහා යොදාගන්නා Marketing Materials සියල්ලම info@ideamart.io වෙත එවා එම Marketing Materials වලට ideamart හි අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. එසේ අවසරය නොගෙන ප්‍රචාරනය කරන marketing materials වලට අදාල සියලුම් Apps අත්හිටවනු ලැබේ (ඔබ එම ප්‍රචාරන කටයුතු කරන්නේ කුමන අකාරයටද, ප්‍රචාරන කටයුතු සිදු කරන දින කවදාද යන්න ඔබගේ Marketing Materials සමග එවීම අනිවාර්ය වේ) .
  • Ideamart හි නාමයට හානි වන ආකාරයට හෝ APPMAKER හි නාමයට හානි වන ආකාරයට හෝ ඉහත සදහන් නීතී වගන්තී උල්ලංගනය කරන අයවලුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන අතර ඔවුන්ගේ මාසික ගෙවීම් ( revenue share ) අත්හිටවනු ලැබේ.

--

--

Appmaker

Appmaker is a code less App creation platform. We offer a range of powerful app templates that you can easily customise to bring your app idea to life.