මෙම article එකෙන් මම කතා කරන්න් බලාපොරොත්තු වන්නේ FB Ads වලින් Appmaker Apps promote කරන ඔබේ Marketing ඵලදායිතාව (Productivity) වැඩි දියුණු කිරීමයි. මම කතා කරන්න යන දේ ගැන වඩාත් හුරුපුරුදු වීමට Appmaker FB Marketing විඩ්යො එක පලමුව බලන්න. හරි දැන් අපි FB campaign setup එක through පියවරෙන් පියවර යමු.
- පලමුව ඔබට දෙන options වලින් App Install තෝරාගන්න්
2. දෙවනි පියවර වන්නේ ඔබ දිනකට වියදම් කරන මුදල Daily Budget හි දැමීමයි. මෙය පලමු marketing campaign එක නම් $2 — $3 වැනි පොඩි මුදලක් දාන්න. Continue ඔබා ඊල ඊළඟ පියවරට පිවිසෙන්න.
3. ඔබේ ඇප් එක Enter App box හි ඇතුලත් කරන්න. ඔබට ඇප් එක සොයාග්න්න බැරි නම් මෙම Article එක කියවන්න FB වලට ඇප් එක දාන හැටි දැනගන්න.
4. Dynamic Creative, OFF ලෙස තබන්න. මේ මගින් අපට ඇඩ් එක පේන තැන තෝරා ගැනීමට හැකි වෙනවා.
5. ඉන්පසු Audience Section එකට Scroll down කරන්න. මෙම article එකින් Custom Audiences ගැන විස්තර කරන්නේ නැහැ. මෙය වෙනත් article එකකින් සවිස්තරාත්මකව කතා කරන්න බලපොරොත්තු වෙනවා. දැන් අපි බලමු Location එක දාන හැටි.
Location වල මූලික මට්ටමේ ශ්‍රී ලංකාව තිබිය යුතුයි. නමුත් ඔබට මෙය මීට වඩා ඉලක්ක කර ගත හැක. Facebook තුලින් ඔබට පළාත් මට්ටමින් හා නාගරික මට්ටෙමන් location target කරගත හැක. මෙය කරන්නේ කෙසේද යන්න පිළිබඳ උදාහරණ කිහිපයක්.
- ඔබට බස්නාහිර පළාත පමනක් target කරන්න ඔනේ නම්: Include කියන text box එකේ “Western Province” කියල type කරන්න. එවිට එන ලැයිස්තුව තුලින් ලන්කාවේ තිබෙන බස්නාහිර පළාත තෝරාගන්න.
- ඔබට බස්නාහිර පළාත හැර අන් සියලු පළාත් target කරන්න ඔනේ නම්: පලමුව Include කියන text box එකේ “Sri Lanka” ” කියල type කර තෝරාගන්න.
දැන් “include” click කර විට drop down එකක් එනවා. මෙම drop down එකෙන් “Exclude” තෝරාගන්න. දැන් text box එකේ “Western Province” කියල type කරන්න. එවිට එන ලැයිස්තුව තුලින් ලන්කාවේ තිබෙන බස්නාහිර පළාත තෝරාගන්න.
එවිට FB සිතියම මෙසේ දිස් වෙයි.
- මෙම ආකාරයට ඔබට නගරද target කල හැක
6. ඊළඟ පියවර වන්නේ ප්‍රේක්ෂකයන්ගේ වයස් සීමාව සහ පිරිමි/ගැහැණු සහ භාෂාව තෝරා ගැනීමයි. භාෂාව තෝරා ගැනීමේදී ඔබේ ඇප් එක ලියා ඇති භාෂාව තෝරා ගැනීම වඩාත් යෝග්‍ය වේ. භාෂාව තේරීමට “Languages” කියන text box එකේ භාෂාවේ නම ටයිප් කරන්න.
7. ඊළඟට Detailed Targeting වෙත යොමු වෙමු. පළමුව ඔබ target කරන End User ගේ රුචිකත්වයන්, හැසිරීම් “Include people who match” යන text box එකේ ඇතුලත් කරන්න.
ඊට පස්සේ “Narrow Audience” කියන ලින්ක් එක ක්ලික් කරන්න. Text Box එක තුළ 3G ටයිප් කර “Facebook access (network type): 3G” තෝරන්න. ඊළඟට 4G ටයිප් කර Facebook access (network type): 4G තෝරන්න
මෙය වැදගත් පියවරකි. මේ මගින් ඔබට ඔබේ ඇප් එක භාවිතා කල නොහැකි පුද්ගලයින් ඉවත් කරනවා. ඒ මගින් ඔබේ marketing මුදල් වලින් වැඩි ඵලදායිතාවයක් ලබා ගත හැක
8. දැන් අපි එනවා Placements වලට. “Manual Placements” තෝරාගන්න.
අත්දැකීම් තුළින් අපිට Facebook News Feed එක App Install campaign වලට හොද results පෙන්වා ඇත. Instagram, Messenger වැනි placements වලින් ප්රතිඵල හොඳ නැත. එම නිසා Marketing වල ඵලදායිතාවය වැඩි කරගන්න අනිත් placements unselect කර “Facebook News Feed” පමණක් select කර තබන්න.
9. ඊළඟට අපි අපගේ අවධානය යොමු කරන්නේ Mobile devices and operating systems section එකට. මෙතන අපගේ නිර්දේශය OS version Min ලෙස Android 5.1 තෝරා ගැනීමයි.
මෙම නිර්දේශ අනුගමනය කිරීම මගින් ඔබේ Marketing ඵලදායිතාව වැඩි දියුණු කිරීමට හැකි විය යුතුය