Appmaker FAQ

Appmaker
2 min readOct 18, 2022

--

1) බැංකු ගිනුමේ ඉලක්කම් 12ට අඩුවෙන් හෝ 12ට වැඩියෙන් පවතින විට කුමක්ද කල යුත්තේ?

ඔබගේ බැංකු ගිනුමේ ඉලක්කම් ගනන 12ට වඩා අඩුනම් ඉලක්කම් ගනන 12ක් වන තෙක් මුලට බින්දු යොදන්න.

ඔබගේ බැංකු ගිනුමේ ඉලක්කම් ගනන 12ට වඩා වැඩි අවස්ථාවකදී බැංකු ගිනුම් අංකයේ අග සිට මුලට වන ලෙස ඉලක්කම් 12ක් ඇතුලත් කරන්න.

2) ඔබගේ ඇප් එකා playstore වෙත යොමු කිරීමට කුමක් කල යුතුද?

ඔබගේ ඇප් එකට approval ලැබුනු පසු ඇප් එක playstore දමා ගැනීමට ඔබගේ console එකක් නොමැතිනම් , ඔබට appmaker team එක හරහා එය playstore දමා ගැනීමට හැකියි. ඒ සදහා ඔබ කල යුත්තේ මෙම form එක පිරවීමයි.

https://docs.google.com/forms/d/e/1FAIpQLSdLE4V8li00yAaZgwwiowbr-dguFhD_U8lCiUeZcSrkmylOZw/viewform

3) App එකට approval නොලැබීම්ට හේතු මොනවාද

App එකේ ප්‍රමානවත් තරම් තොරතුරු නොමැති වීම, මෙහිදී ඇප් එකේ අවම වශයෙන් category 5ක් හා category එකකට පිටු පහක් වත් තිබීම වඩාත් උචිත වේ.

ජාතික හැඳුනුම්පතේ තොරතුරු සහ ඔබ ඇප් එක සාදන විට ලබා දුන් තොරතුරුවල නොගැළපීම

ඔබ ඇප් එක තුළට අන්තර්ජාලයෙන් නොමිලේ ලබා ලබාගත හැකි තොරතුරු සහ අන් අයගේ තොරතුරු අවසරයකින් තොරව ඇතුළත් කොට ඇති අවස්ථාවන්හිදී

4) Mobitel Approval සම්බන්ධව..

ඔබගේ ඇප් ඒකට තවමත් mobitel approval ලැබී නැත්නම් මුලින්ම ඔබ ඔබගේ කොමෙන්ට් බොක්ස් එක පරීක්ෂාකොට බලන්න mobitel වෙතින් ඔබට පණිවුඩයක් එවා ඇති දැයි කියා .එසේ වා ඇත්නම් ඔවුන් ඔබට සිදුකිරීමට යැයි පවසා ඇති වෙනස්කම් සිදු කරන්න.

5) ඔබගේ App එකේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන්..

ඔබගේ app එකේ නම ඔබට වෙනස් කළ නොහැක.

6) Ideamart සම්බන්ධ කර ගන්නේ කෙසේද?

Email — info@ideamart.io ; Whatsapp — 0767412345

7) ඇප් එක භාවිතා කරන්නන්ගෙන් දෛනිකව හෝ මාසිකව අයකර ගැනීමට යොදා ඇති ගාස්තුව සම්බන්ධයෙන්..

ඔබ ඇප් එක භාවිතා කරන්නන්ගෙන් දෛනිකව හෝ මාසිකව අය වීමට දමා ඇති ගාස්තුව වෙනස් කළ හැක්කේ ඔබගේ ඇප් එකට සිටිනා subscribers සංඛ්‍යාව දෙකක් හෝ ඊට වඩා අඩු වුවහොත් පමණි . එසේ නොමැති අවස්ථාවකදී ඔබට එම ගාස්තුව වෙනස් කිරීම්ට නොහැකිය.

ගාස්තු වෙනස් කිරීම අදාළ ජංගම දුරකථන ක්‍රියාකරුගේ අනුමැතියට යටත් වන බව කරුණාවෙන් සලකන්න

8) Job apps සහ chat apps සම්බන්ධයෙන්..

Job Apps සඳහා ඔබට මෙතෙක් කල් approval නොලැබුනද 2022 සැප්තැම්බර් මස සිට ඔබට jobs apps සඳහා approval ලබාදීම සඳහා අප විසින් කටයුතු කරනු ඇත. ඇප් එකෙහි ගුණාත්මකභාවය රඳවා ගැනීමට සෑම අවස්ථාවකම කටයුතු කරන්න.

Chat Apps සඳහා ඔබට ඇප් එකෙහි ගුණාත්මකභාවය මත ඔබට Approval ලබාගැනීමට හැකිය.

9) Free Apps සම්බන්ධයෙන්..

ඔබට ඔබගේ වශ්‍යතාවය පරිදි ඇප් එක සම්පූර්ණයෙන්ම free ඇප් එකක් ලෙස පවත්වාගෙන යාමට හැකිය. නමුත් ඔබට app එකෙහි සිටිනා එක් user කෙනෙකු වෙනුවෙන් මසකට රුපියල් 15ක ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇත. වැඩි විස්තර සඳහා කරුණාකර info@appmaker.lk වෙත email කරන්න

--

--

Appmaker

Appmaker is a code less App creation platform. We offer a range of powerful app templates that you can easily customise to bring your app idea to life.